ගාසා තීරයේ සන්නිවේදන සබඳතා බිඳවැටේ

October 28, 2023 - 4:46 PM
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අන්තර්ජාලය ප්‍රවේශය හැකිලීමත් සමඟ ගාසා තීරයේ මිලියන දෙකකට අධික ජනතාවකට සන්නිවේදන සබඳතා අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට ගාසා තීරය සම්පූර්ණ අන්තර්ජාල බිඳවැටීමට ආසන්න වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අර්තර්ජාල සබන්ධතා මේ වනවිට එහි පහළම මට්ටමට ලඟා වී තිබෙන බව අන්තර්ජාල නිරීක්ෂකයෙකු වන NetBlocks විසින් නිවේදනය කර තිබෙනවා.
(lknews.lk)