ගාසා තීරය ආසන්නයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කරයි

October 20, 2023 - 3:06 PM
ලෙබනන් දේශ සිමාවේ ඇති නිවාසවල සිටින ඊශ්‍රායල් ජාතිකයන් අදාළ ප්‍රදේශවලින් ඉවත්කර වෙනත් ස්ථානවලට යොමුකිරීමට ඊශ්‍රායල් රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, එසේ ලබාදෙන නව ස්ථානවලට ඊශ්‍රායලය හිමිකරුවන් සමඟ යන ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇති බවයි.

එම නව ස්ථානවලට‍ ගමන් කළ පසු සියලුම ශ්‍රී ලාංකිකයන් තම නව සේවා ස්ථානය හා එහි ලිපිනයන් තානාපති කාර්යාලයට ලබා දීමට නියමිත බව සඳහන්.  
(lknews.lk)