ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමයක්
November 24, 2023 - 2:11 PM
ගාසා තීරයේ අද (24) එරට වේලාවෙන් පෙරවරු 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.30ට) දින හතරක සටන් විරාමයක් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පුද්ගලයන් 16,000කට අධික පිරිසක් මිය ගිය ගාසා තීරයේ සති හතක සටන්වලින් පසුව මෙය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.
පුද්ගලයන් 16,000කට අධික පිරිසක් මිය ගිය ගාසා තීරයේ සති හතක සටන්වලින් පසුව මෙය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.
එහිදී එරට වේලාවෙන් අද පස්වරු 4 ට හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.
ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කිරීම මෙම සටන් විරාම කොන්දේසි අතර වනවා.
ඒ වෙනුවට හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කරනු ඇති.
එමෙන්ම සටන් විරාමය දීර්ඝ කළහොත් තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ඇති.
ඔක්තොම්බර් 7දා ඊශ්‍රායල ජාතිකයන් 1,200ක් මරා දැමූ හමාස් ප්‍රහාරයෙන් පසුව ආරම්භ වූ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා බෝම්බ හෙලීම සහ ගොඩබිම් මෙහෙයුම් අතරතුර පලස්තීනුවන් 15,000කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා.
එදින වැටලීමේදී අත්අඩංගුවට ගත් ඊශ්‍රායල සහ වෙනත් ජාතිකයන් 240ක් පමණ හමාස් විසින් රඳවාගෙන සිටින අතර ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් දහස් ගණනක් ඊශ්‍රායලය විසින් අත්අඩංගුවට ගෙන සිටිනවා.
(lknews.lk)
(lknews.lk)