ගාසාහි ප්‍රධාන රෝහල්වලට ඉන්ධන දින හතරකට සීමා වෙයි

October 12, 2023 - 7:59 PM
ගාසා නගරයේ ප්‍රධාන රෝහලේ ඉන්ධන ඉතිරිව පවතින්නේ තවත් දින හතරකට පමණක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම ගාසා තීරයේ පවතින එකම බලාගාරය ක්‍රියා විරහිත වීමත් සමඟ මුළු ප්‍රදේශයම අඳුරේ ගිලී යාමෙන් පසු ඊශ්‍රායලයේ යුද ගුවන් යානා අසල්වැසි ප්‍රදේශවලට බෝම්බ හෙලීම දිගටම පැවති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු ආහාර සහ පිරිසිදු ජලය අවසන් වී ඇති බවද සඳහන්

අසල්වැසි ඊජිප්තුව ආධාර ලබා ගැනීම සඳහා පැය හයක මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායලය සිය ගුවන් ප්‍රහාර දියත් කිරීමෙන් පසු ගාසා තීරයේ පුද්ගලයින් 1,200 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

තවත් 5,339 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ

මේ අතර, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ 338,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

බොහෝ දෙනෙක් රෝහල්වල සහ එක්සත් ජාතීන්ගේ පාසල්වල නවාතැන් ගෙන ඇති බව ද සඳහන්.
(lknews.lk)