විදුලිබල හා සෞඛ්‍ය ලේකම්වරුන් පත් කරමින් ගැසට් නිවේදනයක්

November 24, 2023 - 10:05 AM
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා එම පත් කිරීම වලංගු බවයි සඳහන් වන්නේ.

එසේම වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය 20 වනදා සිට වසරක කාලසීමාවක් සඳහා පත්කර ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
(lknews.lk)