සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙකකින්

November 28, 2023 - 2:57 PM
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල, ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
 
එබැවින් 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි හෝ ජුනි මාසවලදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)