සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් අඩු වෙයි

March 16, 2024 - 1:12 PM
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වීමට නියමිතව තිබෙනවා.

එසේම සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණක් 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහායි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන බවයි.
(lknews.lk)