ගිරිතලේ සහ කණ්ඩලම ජලාශ පිටාර ගලයි

January 02, 2025 - 12:02 PM
ප්‍රදේශ රැසකට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගිරිතලේ සහ කණ්ඩලම ජලාශ පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.

ගිරිතලේ ජලාශය වසර 6කට පසුව මෙසේ පිටාර ගැලීමක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඒ සමඟම කණ්ඩලම ජලාශයත් ඊයේ (01) සිට වාන් දැමීමක් සිදු වී තිබෙනවා.

මේ හේතුවෙන් ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පැවසුවේ දඹුල්ල-වෑවල මාර්ගයේ කුඩා වාහන ගමන් කිරීමෙන් වළකින ලෙසයි.

(lknews)