තවත් පිරිසකට අස්වැසුම ලබා දෙයි

January 18, 2024 - 6:20 PM
අස්වැසුම වැඩසටහනට අදාළ විරෝධතා හා අභියාචනා 640,000ක් සලකා බැලීමේදී තවත් පවුල් ලක්ෂ 3ක් ඒ සදහා සුදුසුකම් ලබා තිබෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ඒ අතරින් සුදුසුකම් ලැබු පවුල් 5,209ක් නුසුදුස්සන් වී තිබෙන බවද ඔහු සඳහන් කළා. 
 
ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 
 
මීළග වාරික මුදල ලබාදීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදාහැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)