ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 4ක සිරදඬුවමක්

March 28, 2024 - 11:49 AM
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.

එලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ, ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබු නඩුවක අධි චෝදනා දෙකකට වරදකරු කරමින්.

2016 වසරේදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය මඟින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත් වී තිබෙනවා.
(lknews.lk)