ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

April 02, 2024 - 2:23 PM
කූරගල විහාරස්ථානය පිළිබඳව සිදු කළ ප්‍රකාශය හේතුවෙන් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කරන ලෙසට කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින්.   

මේ වන විට එම සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස උන්වහන්සේගේ නීතිඥවරුන් විසින් එම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

(lknews.lk)