නැවතත් සෞඛ්‍ය වර්ජනයකට සැරසෙයි

February 12, 2024 - 3:02 PM
නැවත වතාවක් සෞඛ්‍ය වැඩවර්ජනයකට යොමුවීමට සිදු වනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

ඒ හෙට (13) සහ අනිද්දා (14) යන දින වලදීයි.

මුදල් අමාත්‍යාංශය සමඟ අද (12) පැවති සාකච්ඡාව සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(lknews.lk)