රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක්

October 18, 2023 - 12:35 PM
ඊශ්‍රායල - පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් මෙරට රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

පවතින තත්ත්වය තුළ පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීය රත්‍රං මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.

විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් සියයකට වැඩි අගයකින් මෙම සතිය තුළ ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළා.

එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ කැරට් 24ක රන් පවුමක් මේ වන විට රුපියල් 173,000ක පමණ මිලකට අලෙවි වන බවයි.
(lknews.lk)