රන් මිල ඉහළට

December 21, 2023 - 5:16 PM
දේශීය රන් වෙළඳපොලේ රන් මිල අද (21) තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ  පවසනවා.

ඒ අනුව කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 172, 600ක් ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 188,200ක් දක්වා ද ඉහළ ගොස් තිබුණා.

රත්තරන් අවුන්සයක මිල රුපියල් 666,700ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා.
(lknews.lk)