ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට දීලා නැහැ - ඇමති ප්‍රසන්න

February 22, 2024 - 4:23 PM
ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවස‍නවා.

එම ප්‍රදේශය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසු ගිය දා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සාවද්‍ය, පදනම් විරහිත හා ජනතාව නොමඟ යවන ප්‍රකශයක් බවයි අද (22) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා පැවසුවේ.

රජයේ නීතිරීතිවලට පටහැනිව කිසිදු ඉඩමක් විදේශීය ආයෝජකයන්ට ලබා දීමට කටයුතු නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)