සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට සුබ ආරංචියක්

June 26, 2024 - 12:01 PM
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුවත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සළකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

(lknews.lk)