Google හි මේ වසරේ වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව ප්‍රකාශ කෙරේ

December 16, 2023 - 9:28 PM
සෑම වසරකම අවසානයේදී, Google ලොව පුරා වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලබනවා.

ඒ අනුව 2023 වසරේ ලොව වැඩියෙන්ම සෙවූ පුවත් ලැයිස්තුවක්  Google විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අතරින් ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර පවතින යුද්ධයට අදාළ පුවත් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

2 වන ස්ථානයේ ටයිටැනික් සම්බන්ධ පුවත් වන අතර 3 වන ස්ථානය තුර්කියේ භූමිකම්පාව සම්බන්ධ පුවත් බවයි වාර්තා වෙන්නේ.
(lknews.lk)