නෞකාවක තිබූ නරක් වූ මාළු තොගයක් මෙරටට

January 27, 2024 - 2:50 PM
නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98 ක් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

කාබනික පොහොර සෑදීමට බව කියමින් සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක මෙම මාළු තොගය ගෙනැවිත් ඇති බව සඳහන්.

ඒ අනුව මාළු අඩංගු බහාලුම් 04 කට සිදු වූ දෙයක් නොමැති බවයි එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ.

එම නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ නියෝජිතයා සතු ව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බව ද අනාවරණය වී තිබෙනවා.

නෞකාවට වරයේ ගොඩ බෑම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බවත් එම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවත් ආනයන අපනයන පාලක ජනරාල් ටී. ටී. උපුල්මලී ප්‍රේමතිලක මහතා පැවසුවා.

එළඹෙන මාර්තු 05 වැනි දා මීට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබැලීමට නියමිතයි.
(lknews.lk)