අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට නව සංශෝධන රැසක්

December 28, 2023 - 10:15 AM
අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඒ මහතා ප්‍රකාශ කළේ, අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පවතින බාධක මෙමගින් දුරුවන බවයි.

වරිපනම් බදු ඇතුලුව පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් අන්තර්ජාල ගත කිරීමේ වැඩසටහන අකුරණ ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරමින් පසුගියදා පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පළාත් පාලන ආයතන 346ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ඉදිරි වර්ෂයේ මාර්තු මාසය වන විට සියලුම පළාත් පාලන ආයතන තුළ අන්තර්ජාල ගෙවීම් සිදුකළ හැකි යැයි පෙන්වා දෙනු ලැබුවා.
(lknews.lk)