රාජ්‍ය සේවකයෝ හෙට උද්ඝෝෂණයක

October 29, 2023 - 10:34 AM
දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා.

ඒ මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලමින්.

එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ හෙට (30) දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිතයි.

ඔහු සඳහන් කළේ, සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බවයි.
(lknews.lk)