හෙට රජයේ සේවකයෝ ලෙඩවෙයි

December 11, 2023 - 5:34 PM
වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙසට බල කරමින් රාජ්‍ය සේවකයින් හෙට (12) රට පුරා අසනීප නිවාඩු වාර්තා කිරීමට නියමිතයි.

එම එක්දින වැඩ වර්ජනයට වෘත්තීය සමිති තුන්සීයකට වඩා සහය ලබා දෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසූවේ, පාසල්, රෝහල් හා ප්‍රවාහන ක්ෂේත්‍රය හැර අනෙකුත් සියලු රාජ්‍ය ආයතන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි.

වැඩ වර්ජනයට සහය පළ කරමින් සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට එදින පෙරවරු දහයේ සිට උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර ඇති බව ද සඳහන්.
(lknews.lk)