රජය සතු ඉඩම් පෞද්ගලික අංශයට

February 15, 2024 - 6:33 PM
රජයේ වැවිලි සංස්ථාවට සහ වතු සංවර්ධන මණ්ඩලය සතු වගා නොකරන ඉඩම් පෞද්ගලික අංශයට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා රට තුළ නිෂ්පාදන ආර්ථිකය වේගවත් කිරීමේ ශක්‍යතාවක් සහිත ව්‍යවසායකයන් සහ ආයෝජකයන් තෝරා ගන්නා බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
(lknews.lk)