වී මිලදී ගැනීමට රජය සූදානම් වෙයි
January 06, 2025 - 7:33 PM
ජනවාරි 3වන සතියේ සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බව රජය ප්රකාශ කළා.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද කියා සිටියේ ලක්ෂ 3ක වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
මෙම සැලසුම ක්රියාත්මක කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව භෞතික ප්රතිපාදනද පවතින බවද ඔහු කියා සිටියා.
එමෙන්ම ඊට අදාළ මුදල ඉක්මනින් වෙන් කරවා ගැනීමටද නියමිතයි.
මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර සහල් හිඟවූ අවස්ථාවකදී පමණක් ඒවා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
(lknews)