අවිධිමත් ලෙස බඳවාගත් සියලුම උපාධිධාරීන්ට රජයෙන් සාධාරණයක්

December 04, 2024 - 10:52 AM
1994 වසරේ සිට මේ දක්වා අවිධිමත් ආකාරයෙන් බඳවාගෙන ඇති සියලුම උපාධිධාරීන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ ආනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙන්වා.

 කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඒ වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අගමැතිනි හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

ඒ සඳහා ඇමතිවරුන් අනුමැතිය ලබාදුන් බවත් අසාධාරණයට ලක්ව ඇති සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් ඔහු සඳහන් කළා.

(lknews)