පෙර පාසල් දරුවන්ට ලබා දෙන අහාර දීමනාව වැඩි කිරීමට රජයෙන් පියවර

December 19, 2024 - 3:25 PM
2025 වර්ෂයේ සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන අහාර දීමනාව දරුවන් 155,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව දැනට දරුවන්ට උදෑසන ආහාරය සඳහා දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල ඉදිරියේදී රුපියල් 100ක් දක්වා වැඩි කරන බවද රජය දැනුම් දී තිබෙනවා.

(lknews)