මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට රජයෙන් ක්‍රියාමාර්ග

April 07, 2025 - 1:06 PM
මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වන බවයි.

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

(lknews.lk)