දෑස් අන්ධ වූ රෝගීන්ට රජයෙන් වන්දි
January 07, 2025 - 2:54 PM
පසුගිය සමයේදී ඖෂධ ගැටලු හේතුවෙන් දෑස් අන්ධ වූ රෝගීන් වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්රේක ලේකම්වරයෙක්ගේ මූලිකත්වයෙන් දෑස් අහිමි වූ සහ පූර්ණ අන්ධභාවයට පත් වූ රෝගීන් සම්බන්ධයෙන් සොයා බලා සාධාරණයක් ඉටු කිරීමට කමිටුවක් පත් කර ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව ඊයේ (06) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් පුද්ගලයන් 17දෙනෙක්ට වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා.
(lknews)