ග්‍රීස් ගසක් කඩා වැටෙයි

April 16, 2024 - 4:43 PM
ගම්පොළ - ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක ග්‍රීස් ගසක් කඩා වැටීමෙන් සිවු දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙසේ කඩා වැටී ඇත්තේ නැකතට අනුව මුලින්ම සෑදූ ග්‍රීස් ගස බවයි වාර්තා වන්නේ.

ග්‍රීස් ගස සඳහා රුපියල් පහළොස් දහසක තෑග්ගක් සංවිධායක මණ්ඩලය විසින් වෙන් කර තිබූ අතර ඒ සඳහා තරුණයන් පස් දෙනකු ඉදිරිපත්ව තිබෙනවා.

එමෙන්ම සහභාගී වී සිටි පිරිස් ද එකතු කරගත් තවත් රුපියල් හත්දහසක මුදලක් ද එයට එක් කර තිබූ බව සඳහන් වනවා.

එකිනෙකාගේ කරමතින් නැඟී සිටිමින් කණුව උඩ ගසා ඇති කොඩිය ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පස්දෙනකුගේ බර දරා ගැනීමට නොහැකිව ග්‍රීස් ගස මුලින්ම කැඩී බිමට වැටී තිබෙනවා.

ග්‍රීස් ගසේ සිටි තරුණ පිරිසව සීසීකඩ විසි වී වැටී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 
(lknews.lk)