HIV / AIDS ආසාදනය ගැන නිවසේදීම දැනගත හැකි ක්‍රමයක්

November 23, 2023 - 6:10 PM
HIV / AIDS ආසාදනය ගැන නිවසේදීම දැනගත හැකි ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය පවසනවා.

මේ හරහා අදාළ පරීක්ෂණය සිදු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටලයක් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ නිවසටම ගෙන්වාගත හැකි බව ඇය සඳහන් කළා.

එමෙන්ම අදාළ පරීක්ෂණය කිරීමට මුඛ තරල භාවිතා කළ යුතු අතර ඒ සඳහා යොදා ගනු ලබන්නේ ඛේඨය නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මුඛයේ ඇතුළත බිත්ති මත යම් සුළු බලයක් යොදා ලබා ගන්නා සාම්පලයක් මේ සඳහා යොදා ගැනෙනු ඇති.

එම සාම්පලය ලබා ගන්නා ආකාරයද පරීක්ෂණ කට්ටලය ලබා දීම සමඟ දැනුවත් කරන බවයි විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය සඳහන් කළේ.
(lknews.lk)