නව යෞවනයන් අතර HIV ආසාදිතයන් ඉහළට
November 28, 2024 - 12:49 PM
නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා.
එම වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි සඳහන් කළේ පසුගිය වසර තුළ වාර්තා වූ HIV ආසාදිතයන් අතරින් 15%ක් අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බවයි.
ජංගම දුරකථන ඇතුළු නොයකුත් නවීන තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහ සහකරුවන් සොයා ගැනීම මෙයට ප්‍රධානතම හේතුව බවට අනාවරණය වී තිබෙනවා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම සහ යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි කාරණා තරුණ තරුණියන් අතර නව ආසාදිතයන් වැඩිවීමට තවත් හේතුවක් වන බවයි.
(lknews.lk)