හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි

October 21, 2023 - 11:30 AM
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය සිරකරුවන් 200 දෙනෙකුගෙන් ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු වන මවක් සහ ඇගේ දියණිය මෙලෙස නිදහස් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එමෙන්ම හමාස් සංවිධානය මඟින් පැහැරගත් බොහෝ දෙනා තවමත් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රාණ ඇපකරුවන් 20 කට වැඩි පිරිසක් බාලවයස්කරුවන් වන අතර, අවුරුදු 60ට වැඩි අය ද සිටින බවයි වාර්තා වන්නේ.
LK NEWS