හමාස් සංවිධානය දැඩි තීරණයක

December 22, 2023 - 2:17 PM
ඊශ්‍රායලය විසින් ගසා තීරය ආක්‍රමණය සම්පූර්ණයෙන්ම නවතා දමන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසනවා.

ඊශ්‍රායලය පවසන්නේ මේ මස මුලදී පැවති සටන් විරාමයේදී හමාස් සටන් කාමීන් 2,000ක් පමණ  ඝාතනය කළ බවයි.

සටන් විරාමය අතරතුරදී ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙක් පමණ නිදහස ලැබූ බවත් තවත් ප්‍රාණ ඇපකරුවන් 120කට වැඩි පිරිසක් හමාස් බාරයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඊශ්‍රායලය  හා හමාස් සංවිධානය අතර යුද්ධය දිගටම පැවතුනහොත් ගසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
(lknews.lk)