හම්බන්තොට ලුණු නිෂ්පාදනය යළි ආරම්භ කරයි
July 21, 2025 - 1:21 PM
ලංකා ලුණු සමාගම විසින් මාස 18කට පසු යළි හම්බන්තොට ලුණු නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.
ලුණු සමාගමේ සභාපති ඩී. නන්දන තිලක සඳහන් කළේ මෙවර අපේක්ෂිත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000ක් බවයි.
මීට මාස 18කට පෙර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට ලුණු නිෂ්පාදනය නතර කිරීමට එම සමාගම කටයුතු කර තිබුණා.
අද (21) උදෑසන යළිත් ලුණු නිෂ්පාදනය ආරම්භ කරමින් බුන්දල ලේවායේ ලුණු කැඩීම ආරම්භ කර තිබෙනවා.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හම්බන්තොට මහලේවායේත් හෙට (22) දිනයේදී ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කරන බවයි.
(lknews.lk)