හරීන් ප්‍රනාන්දු ඇප මත මුදාහරියි

November 20, 2024 - 4:51 PM
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුව ඇප  මත මුදාහැර තිබෙනවා.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

ඔහුව රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

(lknews.lk)