පසුගිය කාලයේදී හර්ෂණ බෙත්මගේ නිහඬ වූ කාරණය හෙළි කරයි

January 10, 2024 - 2:02 PM
හර්ෂණ බෙත්මගේ කියන්නේ කවදත් තිරයේ කඩවසම් රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න කෙනෙක්.

කාලයක් නිර්මාණ කටයුතුවලින් දකින්න නොලැබුණත්, දැන් ආයෙම හර්ෂණව නිර්මාණ ඔස්සේ දැකගන්න ලැබෙනවා.

ඡායාරූප : facebook
ගෙවුණු කාලයේ ඔහු තරමක නිහඬව ඉන්න හේතු වෙලා තිබුණෙ හර්ෂණගෙ කැදැල්ලට ආව පුංචි අමුත්තා...

''ඔව්, විශේෂයෙන්ම මම හිතන්නේ බබාගේ වැඩකටයුතු නිසා තමයි එහෙම වෙන්න ඇත්තේ.

මොකද මමයි මගේ බිරියයි තීරණය කරපු දෙයක් තමයි අපේ බබාව අපි දෙන්නා තනියම බලා ගන්නවා කියන එක.

අපිටත් ලේසියි නැනී කෙනෙක් දාලා එහෙම කරන්න.

නමුත් මම හිතන්නේ ජීවිතයේ ලැබෙන සුන්දරම කාලය තමයි දරුවෙක් එක්ක ගත කරන කාලය.

ඉතිං එයාගේ වැඩකටයුතු අපි දෙන්නාගේ අතින්ම කරනවා කියන්නේ, එය ඊටත් වඩා සුන්දරයි.

කොයිතරම් අපහසුකම්, කාර්යබහුලත්වයන් මැද්දේ වුණත් බබාගේ වැඩ අපේ අත්වලින්ම කරනවා කියන්නේ ඒක පුදුම වින්දනයක්.

අපේ මවුපියන් හිටියත් ඔවුන්ට අපිවත් හදලා අපේ දරුවොත් බලන්න දෙන්න බෑනේ.

ඉතිං අපි අපේ දරුවගේ වැඩකටයුතු අපිම කරගෙන, ඔවුන්ට ඔවුන්ගේ නිදහස දීලා තිබෙනවා.'

No photo description available.

හුරතල් දියණියකගේ පියෙක් වීමත් එක්ක හර්ෂණට ඒ හැඟීම බැරෑරුම් ලෙස දැනෙනවා ඇති අනිවාර්යයෙන්ම.


මොකද දුවෙක් කියන්නෙ සුවිශේෂී වගකීමක් වන නිසාවෙන්...

''ජීවිතය මේ වෙද්දි, තරුණ අවධිය, පාසල් අවධිය, තනිකඩව, විවාහකව මේ හැම අවධියක්ම ගත කර කරලා තිබෙනවා.

නමුත් මගේ ජීවිතේ මේ ගෙවෙන්නේ සුන්දරම අවධිය කිව්වොත් හරි.

දුවෙක් ඉන්න ඕනි ජීවිතය තේරෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ...''

ඡායාරූප : facebook