හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවයි

May 23, 2025 - 12:50 PM
ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරුවිය යුතු බවත් එසේ නොහැකිනම් සිය රටෙන් යා යුතු බවටද දැනුම් දී තිබෙනවා.

මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවයි.

(lknews.lk)