සෞඛ්‍ය වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වෙයි

February 02, 2024 - 10:22 AM
අද දිනයේත් සෞඛය අංශයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව වෘත්තිය සමිති පවසනවා.

වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලීමක් කරමින් සෞඛය වෘත්තිය සමිති 72ක් එක්ව මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

ඒ අනුව වෘත්තිය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී  වර්ජනයේ ඉදිරි කටයුතු සම්බන්ධව අවසන් තීරණයක් ගන්නා බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.
(lknews.lk)