සෞඛ්‍ය වර්ජන අත්හිටුවයි

March 18, 2024 - 2:26 PM
හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බවයි.
(lknews.lk)