සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක්

February 19, 2024 - 9:58 AM
DAT දීමනාව සම්බන්ධයෙන් වැඩවර්ජනයේ නිරත වු සෞඛ්‍ය වෘත්තීය සමිති අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවා.

වෛද්‍යවරුන් සඳහා පමණක් දීමනා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවාවේ විවිධ වෘත්තීන්ට අයත් වෘත්තීය සමිති 72ක් විසින් පසුගිය දා මෙම වැඩවර්ජනයේ නිරත වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුව මත ඔවුන් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

මෙයද අසාර්ථක වුවහොත් අද පස්වරුවේ රැස්වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)