අදත් සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජනයක්

January 16, 2024 - 9:17 AM

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනයක නිරත වනවා.

ඒ වෛද්‍යවරුන්ට වැඩි කළ රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.

ඉහත ඉල්ලීම මූලික කරගනිමින් අදාළ වෘත්තීය සමිතිවලින් බහුතරයක් පසුගියදා ද වැඩ වර්ජනයක නිරත වුණා.

කෙසේ වෙතත්, ඊට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් එය තාවකාලිකව නතර කළ අතර අද සිට යළි පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
(lknews.lk)