පකිස්ථානයට අධික වැසි

April 16, 2024 - 1:23 PM
පකිස්ථානයේ නිරිත දිග ප්‍රදේශයට අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 39 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අතරින් මිය ගිය ඇතැම් පුද්ගලයන් ගොවීන් වන අතර අස්වනු නෙළමින් සිටියදී අකුණු සැර වැදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ තත්වය හේතුවෙන් ගංවතුර තත්වයක් ද ඇති වී තිබෙනවා.

විදුලි සැපයුම සහ ප්‍රවාහන සේවාද අඩාල වී ඇති බව සඳහන් වන්නේ.  


(lknews.lk)