පකිස්ථානයට තවමත් අධික වැසි

April 20, 2024 - 4:28 PM
මේ මාසයේ ආරම්භයේ සිට පකිස්ථානයේ කලාප රැසකට අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්වයක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පුද්ගලයින් 87 දෙනෙකු මියගොස් තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

ඉන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කයිබර් පක්තුන්ක්වා පළාතෙන් බවයි වාර්තා වන්නේ.

දරුණු ජල ගැලීම් ආශ්‍රිත අනතුරු සහ අකුණුසැර වැඳීම බහුතර මරණ සංඛ්‍යාවකට හේතු වී තිබෙනවා.

මේ වනවිට පාකිස්ථානය පුරා නිවාස 3,000කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.  

(lknews.lk)