දශකයකට පසුව දරුණු හිම පතනයක්

January 06, 2025 - 9:44 AM
ලෝකයේ බොහෝ රටවලට මේ දිනවල හිම පතනය හේතුවෙන් බාධා රැසක් එල්ල වී තිබෙනවා.

ඒ අතරින් ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ පවතින බව එරට ජාතික කාලගුණ සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජීනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කළේ දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය මෙය විය හැකි බවයි.

(lknews)