ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දින මෙන්න

March 12, 2024 - 5:27 PM
ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

එම සම්මුඛ පරීක්ෂණය නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේ ස්වදේශ කටයුතු අංශයේදී සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)