නව පාසල් වාරය ආරම්භක දිනය මෙන්න

February 15, 2024 - 11:27 AM
නව පාසල් වාරය ආරම්භය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 16 වන සිකුරාදා දින අවසන් වීමට නියමිතයි.

එමෙන්ම 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)