අද කාලගුණ තත්ත්වය මෙන්න

August 08, 2024 - 8:41 AM
දිවයිනේ පළාත් කිහිපයකට අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් වැසි අපේක්ෂා කළ හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම නැගෙනහිර, ඌව, උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී.50ට වැඩි තරමක වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

(lknews)