ගුවන් හමුදාවට අධි තාක්ෂණ නවීන ගුවන් යානා අමෙරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්

October 24, 2023 - 9:52 AM
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සඳහා අධි තාක්ෂණයෙන් යුත් නවීන පන්නයේ විමර්ශන ගුවන් යානා දෙකක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතා පවසනවා.

Beach King 360 ER මාදිලියේ ගුවන් යානයක් මෙම වර්ෂය අවසානයේදී ඇමරිකාවෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ඕස්ට්‍රේලියාවෙන්ද එවැනි තාක්ෂණයෙන් යුත් ගුවන් යානයක් ලබන වර්ෂය මුලදී මෙරටට හිමිවන බව ගුවන් හමුදාපතිවරයා සඳහන් කළා.

ගුවන් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී දළදා මාලිගාවේදී වාර්ෂිකව සංවිධාන කරන දානමය පුණ්‍ය කර්මය නිමිත්තෙන් මහනුවරට පැමිණ (23) දා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(lknews.lk)