උත්සව සමයේ අධිවේගී මාර්ගයේ ආදායම ඉහළට

April 16, 2024 - 12:30 PM
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය යෙදී තිබූ අප්‍රේල් 10වනදා සිට ඊයේ (15) අලුයම දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවලින් රු.මිලියන 235ක ආදායමක් ලබා ඇති බව වාර්තා වනවා.

මෙම කාල සීමාව තුළදී අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සියයට 10කින් පමණ ඉහළ ගිය බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ වැඩිම ආදායමක් ඉකුත් (13) ලබා ඇති අතර එදින ආදායම රුපියල් හාරකෝටි හතළිස් ලක්ෂයක් බවයි.

(lknews.lk)