හිරුණිකාට ඇප හිමි වෙයි

July 22, 2024 - 10:27 AM
බරපතළ වැඩසහිත වසර 3ක සිරදඬුවම් නියම වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

(lknews)