හොන්ඩා සහ නිසාන් සමාගම් එක් වෙයි

March 15, 2024 - 5:13 PM
විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් යන සමාගම් තීරණය කර තිබෙනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

ජපානයේ දෙවන සහ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් වන මෙම සමාගම් දෙක ඉදිරියේ දී තාක්ෂණයෙන් වැඩි දියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)